මෙම වසරේ ඉහළට ගිය භයානක රෝගය..
Sunday, 12 November 2023 - 8:34 | Views - 484
මෙම වසර තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 70,000 ඉක්මවා වාර්තාවී තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ පසුගිය මාසයේ පමණක් රෝගීන් 2,300කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවයි.
ඒ අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
මීට අමතරව ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, හම්බන්තොට, මාතර, මන්නාරම ආදී දිස්ත්‍රික්කවලින්ද බහුල වශයෙන් රෝගීන් වාර්තාවී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.
Share This Article