CCTV කැමරා පද්ධතියක් බස් රථවලට
Sunday, 12 November 2023 - 8:23 | Views - 1,432

බස් රථ සඳහා මාර්ග බලපත්‍ර ලබාදීමේදී අදාළ බස්රථවල ජී. පී. එස්. තාක්ෂණය පැවතීම අනිවාර්ය කිරීමට පියවරගෙන තිබෙනවා.
ඒ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.
එමෙන්ම බස් රථවල සී. සී. ටී. වී. කැමරා පද්ධතියක් පැවතීමද ඉදිරියේදී අනිවාර්ය කිරීමට එම කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.
මින් ඉදිරියට මෙරට ඉදිකරනු ලබන බස්රථ නැවතුම්පළවල් සඳහා අවශ්‍ය අවම නිර්ණායක සැළසුම් සකස් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.
අදාළ ධාවන වාරය එළඹෙන තෙක් බස්රථ පාරවල් දෙපස, මග අවහිර වන සේ ගාල් කිරීමට වෙනුවට ඒ සඳහා සුදුසු ස්ථාන හඳුනාගන්නා ලෙසයි කාරක සභාව මගින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.
අධිවේගී මාර්ගවල ඉදිකිරීමේ ප්‍රගතිය හා ආදායම් තත්ත්ව පිළිබඳවද කාරක සභාව නිලධාරීන්ගෙන් විමසනු ලැබූ අතර, වර්තමානය වන විට සමස්තයක් ලෙස අධිවේගී මාර්ග පාඩු ලබන බව නිලධාරීන් කාරක සභාව හමුවේ කරුණු අනාවරණය කළා.
ලාභ ලබන අධිවේගී මාර්ගවලින් පාඩු ලබන අධිවේගී මාර්ග නඩත්තු කටයුතු සිදු කරන බවද නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කාළා.
ඒ අනුව දැනට පවතින සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු ගෙවීම් සඳහා කිව් ආර් කෝඩ් භාවිතා කර වඩාත් කාර්යක්ෂම ක්‍රමවේදයක් හැකි ඉක්මණින් සකස් කිරීමටද කටයුතු කරන ලෙස බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
Share This Article