අද වැසෙන තැන්
Sunday, 12 November 2023 - 7:39 | Views - 690
නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල සුරාසැල් අද (12) වසා තැබෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද්කුමාර් පවසනවා.
දීපාවලි උත්සවය හේතුවෙන් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල සුරාසැල් වසා දමන ලෙස තමන් සුරාබදු දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
ඒ අනුව, එම දිස්ත්‍රික්ක දෙකෙහිම සුරාසැල් වසා දැමීමට දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා දී තිබෙනවා.
Share This Article