එයා එක රැයකින් කෝටිපතියෙකු වෙලා.. පුදුම හිතෙනවා නේද ?
Saturday, 11 November 2023 - 15:47 | Views - 970
වාසනාව කියන එක මහ මුහුදෙන් වුණත් ලැබෙන්න පුලුවන්.මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්.පාකිස්ථානයේ කරච්චි නගරයේ ධීවරයෙකු ඖෂධීය ගුණ රැසකින් සමන්විත දුර්ලභ මත්ස්‍ය තොගයක් වෙන්දේසි කිරීමෙන් එක් රැයකින් කෝටිපතියෙකු බවට පත්ව තිබෙනවා.විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම ධිවරයා “Sowa” ලෙස හඳුන්වන මාළු විශේෂයක් අල්ලා ගෙන වෙන්දේසියේ දී රුපියල් මිලියන 70කට අලෙවි කර ඇති බවයි.මෙම මත්ස්‍යයා සුවදායක සහ ඖෂධීය ගුණ ඇති බව මෙන්ම, මත්ස්‍යයාගේ ඇතැම් ශරීර කොටස් ශල්‍යකර්මවල දී භාවිතා කරන බවයි සඳහන් වන්නේ.Sowa මත්ස්‍යයින් බරින් කිලෝග්‍රෑම් 20ත් 40ත් වත අතර , දිගින් මීටර් 1.5ක් දක්වා වර්ධනය විය හැකි බවයි වර්තා වෙනවා.විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම මත්ස්‍යයා නැගෙනහිර ආසියාතික රටවල්වල වැඩි ඉල්ලුමක් ඇති බවයි.

Share This Article