ගිනි කඳු පිපිරීමේ අවදානමක් ?
Saturday, 11 November 2023 - 12:15 | Views - 721
අයිස්ලන්තයේ ගිනි කඳු පිපිරීමේ අවදානමක් මතුව තිබෙනවා.
ඒ රික්ටර් පරිමාණයේ 5.1ක භූ කම්පනයකින් පසු පැය 48ක් තුළ සිදු වූ කම්පන 1,485ක් හේතුවෙන් බවයි සඳහන් වන්නේ.
විදෙස් වාර්තා ප්රකාශ කළේ එරට හදිසි තත්වයක් ප්රකාශයට පත් කර ඇති බවයි.
කෙසේ වෙතත්, ලාවා ගැලීම පිළිබඳ තවමත් වාර්තා වී නොමැති අතර, මේ හේතුවෙන් විශාලතම සංචාරක ආකර්ශනයක් සහිත බ්ලූ ලැගූන් නම් ස්වභාවික උණු දිය තටාකයද තාවකාලිකව වසා දමා තිබෙනවා.
උතුරු අත්ලාන්තික් සාගරයේ ක්රියාකාරී ගිනි කඳු සහිත ප්රදේශයක පිහිටි අයිස්ලන්තයේ සෑම වසර 7කට හෝ 5කට වරක් පිපිරීමක් සිදුවන බවයි සඳහන් වන්නේ.
මෑත කාලයේදී භයානක ගිනි කඳු පිපිරීමක් සිදු වූයේ 2010 වසරේදියි.
Share This Article