වාහන ආනයනය ගැන අලුත්ම ආරංචිය..
Saturday, 11 November 2023 - 11:06 | Views - 1,720
වාහන ආනයනය කරන දිනයක් නිශ්චිතව ප්‍රකාශ කිරීමට තවමත් හැකියාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
නමුත්, වාහන ආනයනය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කාර්යාලය විසින් පත් කළ කමිටුවේ නිර්දේශ ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳව තීරණයක් ගන්නා බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ඒ හිරු ප්රවෘත්ති සමඟ පැවති සංවාදයකට එක්වෙමින්.
කෙසේ වෙතත්, වාහන ආනයනය කරන දිනයක් නිශ්චිතව ප්‍රකාශ කළහොත් වෙළෙඳපොලේ වාහන මිලෙහි විශාල වෙනසක් සිදුවනු ඇති බවද එහිදී ඔහු පෙන්වා දුන්නා.
Share This Article