දුරකථනයක් භාවිත කරන සැමටම විශේෂ දැනුම් දීමක්..
Saturday, 11 November 2023 - 10:07 | Views - 1,337

මහජනතාවගේ ජංගම දුරකථන සිම් කාඩ්පත් නැවතත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් පැවැත්වීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) තීරණය කර තිබෙනවා.ඒ අනුව, තමා නමින් වෙනකෙකු සිම් පතක් භාවිතා කරන්නේ නම් එය වහාම අවලංගු කරන ලෙසටයි නිවේදනයේ දැක්වෙන්නේ. එසේම, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම වැඩසටහනේ පළමු අදියර සඳුදා (13) සිට සෙනසුරාදා (18) දක්වා පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ දී ක්‍රියාත්මක කරන බවයි.එහිදී තම ජංගම සිම් කාඩ්පත් ලියාපදිංචිය යාවත්කාලීන කර ගැනීමට ඔබ සැමට අවස්ථාව උදාවන අතර, ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපොහොසත් වන පුද්ගලයින්ගේ නමට ලියාපදිංචි වී ඇති සිම්පත් අංක, අපරාධ ක්‍රියාකාරකම් සඳහා භාවිතා කර ඇත්නම් එහි වගකීම භාර ගැනීමට අදාළ තැනැත්තාට සිදුවන බවටද ඔවුන් අනතුරු අඟවා තිබෙනවා. එසේම #132# අංකය ඇමතීමෙන් ඔබට දැනට භාවිත කරන දුරකථන සමාගමට අදාළව ඉහත සඳහන් කර ඇති විස්තර ලබා ගැනීමේ හැකියාව පවතින අතර, එයින් ඔබට අවශ්‍ය අංකය සහ අවලංගු කළ යුතු අංකයද නිවැරදිව හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනු ඇති. තවද, මෙම වැඩසටහන , සිම්පත් අංක අවභාවිතාවය වළක්වා ගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හඳුන්වා දී තිබෙනවා. එසේම පහතින් දැක්වෙන්නේ, එහි පළමු අදියර ක්‍රියාත්මක වන ස්ථානයන් වන අතර, ඔබටත් ඉහත ගැටළු පවතින්නේ නම්, අදාළ ස්ථාන වෙත ගොස් අවශ්‍යතා අම්පුර්ණ කර ගැනීමේ හැකියාව පවතිනු ඇති.

Share This Article