මුහුණු පොතෙන් හමුවූ තරුණියට පොලිස් කොස්තාපල් නොහොඹිනා වැඩක් කරලා..
Friday, 10 November 2023 - 14:59 | Views - 469
මුහුණු පොතින් හඳුනා ගත් තරුණියක් රවටා හෝටල් කාමරයකට ගෙන ගොස් බලහත්කාරයෙන් දුෂණය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ නිලධාරියා නිවාඩු ලබා නිවසට පැමිණීමෙන් පසුව තරුණිය හමුවීමට අවශ්‍ය බවට ඇමතුමක් ලබා දී ඇති බවයි වැලිගම පොලිසිය පවසන්නේ.
මෙහිදී ඇයව බිය ගන්වා ඇති පොලිස් නිලධාරියා ඇයව හෝටලයකට රැගෙන ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම සිදුවීමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර තිබෙනවා.
Share This Article