රොබෝ යන්ත්‍රයක්, සේවකයෙක් ඝාතනය කරලා
Friday, 10 November 2023 - 13:51 | Views - 563
රොබෝ යන්ත්‍රයක් විසින් සේවකයෙක් ඝාතනය කර ඇති පුවතක් දකුණු කොරියාවෙන් වාර්තා වී තිබෙනවා.

‘ඩොන්ග්ගොසියොන්’ කෘෂිකාර්මික අපනයන සංකීර්ණයට අයත් බෙදා හැරීමේ ගුදමක සේවයේ යොදවා සිටි රොබෝ යන්ත්‍රයක් බෙල් පෙපර් අඩංගු පෙට්ටි ඔසවමින් සිටියදී ගුදමේ කටයුතු නිරීක්ෂණය කරමින් සිටි සේවකයකු පෙට්ටියක් යැයි වරදවා හඳුනාගෙන ඇති අතර, අතකින් අදාළ සේවකයාගේ සිරුරේ උඩු කොටස පෙට්ටි ගමන් ගන්නා යන්ත්‍රයකට තල්ලු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස අනතුරට පත් පුද්ගලයා වයස අවුරුදු 40ක් පමණ වූ සේවකයකු බවටයි වාර්තා වෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එලෙස යන්ත්‍රය වෙත තල්ලු කර ඇති සේවකයා යන්ත්‍රයේ පටියක, මුහුණ හා පපුව ගැටීමෙන් දරුණු තුවාල ලබා ඇති අතර රෝහලගත කිරීමෙන් පසුව ඔහු මිය ගොස් ඇති බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top