දැන ගියොත් ....., නොදැන ගියොත් අතරමඟ ?
Friday, 10 November 2023 - 11:38 | Views - 564
ස්ථිර ගමනාන්තයක් නොදැන තැරැව්කරුවෙකුගේ උපදෙස් මත ශ්‍රී ලංකාවෙන් පලා යෑමට කටුනායක ගුවන්තොටුපලට පැමිණි යුවලක් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සංචාරක විසා මත පස්වරු 1.30ට ඩුබායි බලා පිටත්ව යාමට සැලසුම් කර තිබුණු බවයි සඳහන් වන්නේ.
එහිදී ඔවුන්ගේ සැකකටයුතු හැසිරීම මත ඔවුන් ආගමන විගමන දේශසීමා ආවේෂණ ඒකකයේ නිලධාරීන්ට භාර දී තිබෙනවා.
ගමන් මලු පරික්ෂා කිරීමේදී ප්‍රංශයට හා ජපානයට යාම සඳහා ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූට ලෙස සකස් කරන ලද බලපත්‍ර දෙක බැගින් සොයා ගත් බවයි සඳහන් වන්නේ.
මේ පිළිබඳව අදාළ තරුණයා සහ තරුණිය පැවසුවේ ඔවුන් තැරැව්කරුවෙකුට රුපියල් ලක්ෂ හයක් ගෙවා මෙම විසා බලපත්‍ර ලබා ගෙන ඇති බවත් තමන් ඩුබායි වෙත ගිය පසු ඊළඟට පිටත් විය යුතු ගමනාන්තය දැනුම් දෙන බවත්ය.
එතෙක් තමන්ද ගමනාන්තය ගැන කිසිවක් නොදන්නා බවයි ඔවුන් සඳහන් කළේ.
Share This Article