දැන ගියොත් ....., නොදැන ගියොත් අතරමඟ ?
Friday, 10 November 2023 - 11:38 | Views - 565
ස්ථිර ගමනාන්තයක් නොදැන තැරැව්කරුවෙකුගේ උපදෙස් මත ශ්‍රී ලංකාවෙන් පලා යෑමට කටුනායක ගුවන්තොටුපලට පැමිණි යුවලක් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සංචාරක විසා මත පස්වරු 1.30ට ඩුබායි බලා පිටත්ව යාමට සැලසුම් කර තිබුණු බවයි සඳහන් වන්නේ.

එහිදී ඔවුන්ගේ සැකකටයුතු හැසිරීම මත ඔවුන් ආගමන විගමන දේශසීමා ආවේෂණ ඒකකයේ නිලධාරීන්ට භාර දී තිබෙනවා.

ගමන් මලු පරික්ෂා කිරීමේදී ප්‍රංශයට හා ජපානයට යාම සඳහා ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූට ලෙස සකස් කරන ලද බලපත්‍ර දෙක බැගින් සොයා ගත් බවයි සඳහන් වන්නේ.

මේ පිළිබඳව අදාළ තරුණයා සහ තරුණිය පැවසුවේ ඔවුන් තැරැව්කරුවෙකුට රුපියල් ලක්ෂ හයක් ගෙවා මෙම විසා බලපත්‍ර ලබා ගෙන ඇති බවත් තමන් ඩුබායි වෙත ගිය පසු ඊළඟට පිටත් විය යුතු ගමනාන්තය දැනුම් දෙන බවත්ය.

එතෙක් තමන්ද ගමනාන්තය ගැන කිසිවක් නොදන්නා බවයි ඔවුන් සඳහන් කළේ. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top