මෘත ශරීරයට වටිනාකම් කියූ පුද්ගලයෙකුට අවසානයේ සිදු වූ දේ
Tuesday, 07 November 2023 - 15:38 | Views - 407
කොළඹ ජාතික රෝහල වෙත යොමු කර තිබූ මෘත ශරීරයක් කඩිනමින් නිදහස් කර ගැනීමට මියගිය පුද්ගලයාගේ සහෝදරයාගෙන් රුපියල් එක්ලක්ෂ 30,000ක මුදලක් ලබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ඔහු අත් අඩංගුවට ගෙන ඇත්තේ, පුංචි බොරැල්ල ප්‍රදේශයේදී.

මරදාන පොලිසිය පවසන්නේ එම පුද්ගලයා මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු අවුරුදු 45ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පසුගිය මස 28 වනදා මරදාන පොලිස් වසමේ බී.සී.සී පාලම අසල වැටී මියගොස් සිටි පුද්ගලයෙකුගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේදී මොහුගේ සහෝදරයා විසින් හදුනා ගැනීමෙන් අනතුරුව මෘත ශරීරය රෝහලින් කඩිනමින් නිදහස් කර ගැනීමට ඔහුගෙන් මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් මරදාන පොලිසියට තොරතුර ලැබී තිබුණා.

මුදල් ලබාගත් පුද්ගලයා විසින් අධිකරණ නිලධාරීන්ට, රෝහල් කාර්ය මණ්ඩලයට සහ පොලිස් නිලධාරීන්ට මුදලක් ලබා දුනනොත් මෘත ශරීරය ඉක්මනින් නිදහස් කර ගැනීමට හැකි බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුවයි ඔහු රුපියල් එක් ලක්ෂ 30,000ක මුදලක් මොහුගෙන් ලබා ගෙන ඇත්තේ. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top