රුපියල් 17,000ක් වටිනා ඩීසල් නොමිලේ ?
Tuesday, 07 November 2023 - 10:56 | Views - 3,959
පසුගිය යල කන්නයේ දී වගා හානි සිදු වූ ගොවීන්ට මහ කන්නයේ වගා කටයුතු සඳහා ලබා දෙන සහනයක් වශයෙන් රුපියල් 17,000ක් වටිනා ඩීසල් නොමිලේ ලබා දීමට කෘෂිකර්ම අමාත්යංශය තීරණය කර තිබෙනවා.
අදාළ සහනය රජය විසින් ලබා දෙන්නේ, පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන් වෙත ලබාදෙන රුපියල් 15,000 සේ දීමනාවට අමතරවයි.
කෙසේ වෙතත්, පසුගිය නියඟය හේතුවෙන් ගොවීන්ගේ යල කන්නයේ වගා කළ අක්කර 65,000ක භූමි ප්රමාණයක් විනාශයට පත් වී තිබුණා.
Share This Article