සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මැද..
Tuesday, 07 November 2023 - 8:43 | Views - 3,760
2022 වසර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසයේ මැද භාගයේ නිකුත් කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
2021(2022) ට අදාළ සා/පෙළ විභාගය පැවැත්වුණේ, මෙම වසරේ (2023) මැයි මස 22 වැනි දින සිට ජුනි මස 01 වැනි දින දක්වා යි.
මෙම සාමාන්‍ය පෙළ විභාගයට මෙවර අපේක්ෂකයින් 517,496ක් සුදුසුකම් ලබා තිබුණු අතර , ඉන් 407,129 ක් පාසල් අයදුම්කරුවන්.
ඉතිරි 110,367 දෙනා පෞද්ගලික අයදුම්කරුවන්.
කෙසේ වෙතත්, දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 3,844ක දී මෙම විභාගය පැවැත්වුණු අතර , සම්බන්ධීකරණය සඳහා තවත් මධ්‍යස්ථාන 542 ස්ථාපිත කර තිබුණා.
එසේම, විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 590 දෙනෙකු ද මෙවර සා/පෙළ විභාගයට ඉදිරිපත් වුණා.
Share This Article