කඩා වැටී ඇති ක්‍රීඩාව ගොඩගන්න එක්වෙන්න අර්ජුන ඉල්ලයි.. (Video)
Monday, 06 November 2023 - 11:21 | Views - 638
කඩා වැටී ඇති ක්‍රිකට් ගොඩ නැගීම සදහා හිටපු ක්‍රීඩකයින්ට එක්වන ලෙස තමා ඉල්ලීමක් කරන බව නව අතුරු කමිටුවේ සභාපති හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසනවා.
ඔහු මේ බව සදහන් කලේ නව පත්වීම ලැබීමෙන් අනතුරුව මුල් වරට හිරු නාලිකාවේ පත්තරේ විස්තරේ වැඩසටහන හා එක්වෙමින්.
කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය රෝෂාන් රණසිංහ විසින් හිටපු ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා හත් දෙනෙකුගෙන් යුත් අතුරු කමිටුවක් පත් කරනු ලැබුවා.
එහි සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පත් කරනු ලැබූ අතර, ඔහු එහිදී ක්‍රිකට් දූෂණ වංචා හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් හිරු නාලිකාවටද ස්තූතියි පළ කර තිබුණා.
Share This Article