අපි මිල වැඩි කරන්නේ නෑ - ලාෆ් ගෑස් සමාගම
Monday, 06 November 2023 - 11:12 | Views - 277
නොවැම්බර් මාසයේදී ගෑස් මිල වැඩි නොකරන බව LAUGFS සමාගම පවසනවා.
ලාෆ් ගෑස් සමාගමේ සමූහ විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මේ බව සඳහන් කළා.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල තවදුරටත් රුපියල් 3,985 ක් ලෙස පවතින අතර, කිලෝග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 1,595
ක් ලෙසයි.
කෙසේ වෙතත්, පසුගිය නොවැම්බර් 04වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ දමනු ලැබුවා.
Share This Article