'' වසර 8කට ඉහතදී එයා ගියේ... අඩුම තරමින් එයා මේ ගෙදරට ආවෙවත් නැහැ ''
Saturday, 04 November 2023 - 16:00 | Views - 975
ඊශ්‍රායලයේ සේවය කරමින් සිටියදී හමාස් ප්‍රහාරයකින් මියගිය සුජිත් බණ්ඩාර යටවරගේ මෘතදේහය කඩිනමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය  කටයුතු සිදුකරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති පුහුණු හා බදවාගැනීමේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා පවසනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඒ සඳහා රජය මැදිහත්ව කටයුතු කරන බවයි.

මේ අතර මීට වසර 8කට පමණ ඉහතදී ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා නිවසින් පිටත්ව ගිය සුජිත් මෙම කාල සීමාව පුරාවට සිය මව්රටට පැමිණ ඇත්තේ එක් වතාවක් පමණක් බව ඔහුගේ බිරිඳ වන ජයනි යටවර පවසන්නේ...

"මහත්තයා රට ගියේ 2015 අවුරුද්දේ අන්තිමට වගේ තමයි. එහෙම ගිහින් 2018 වසරේදී නැවත ලංකාවට ආවා. ඊට පස්සේ මාසයක් විතර ලංකාවේ ඉදලා ගියාට පස්සේ ආපසු ලංකාවට ආවේ නැහැ" ඇය පැවසුවාය. අපි හිටියේ කුලී නිවසක. අපිටම ඉන්න කියලා ගෙයක් ගන්න අවශ්‍ය නිසයි මහත්තයා අවුරුදු ගානක් ඒ රටේ ඉදලා වැඩ කලේ ලංකාවටත් එන්නේ නැතුව. මොකද එක පාරක් ඇවිත් යන්න ලොකු ගානක් වියදම් වෙනවා. අපි බැංකු ලෝන් එකක් ගත්තා බැංකුවකින්. එහෙම තමයි ගිය අවුරුද්දේ දැන් අපි මේ ඉන්න ගෙදර ගත්තේ. මාසෙන් මාසයට බංකුවට අපි වාරිකේ ගෙවන්න ඕනේ. අඩුම තරමින් එයා මේ ගෙදරට ආවෙවත් නැහැ." 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top