බලධාරීන්ට යන්න කියා ඇරඹූ #GoHomeSLCboard, Trending වෙයි !
Saturday, 04 November 2023 - 15:51 | Views - 490
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව හමුවේ පසුගිය දා ලැබූ අන්ත පරාජයත් සමඟ වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව සහ ක්‍රිකට් ආයතනයේ පරිපාලකයින් වහාම ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන් පවසනවා.

ඔවුන් කියා සිටියේ මෙම පරාජයත් සමග නව ක්‍රිකට් යුගයක් ආරම්භ කිරීමට දැන් කාලය එළඹ ඇති බවයි.

ඒ අනුව සමාජ මාධ්‍ය හරහා සුවහසක් ක්‍රීඩාලෝලීන් විසින් #GoHomeSLCboard නමින් හෑෂ්ටැග් ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර, මේ වන විට එය Trending වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ආසන්නතමව ලද මෙම අන්ත පරාජයත් සමඟ පරිපාලන නිලධාරීන්ට මෙම පරාජයන්හි සහ ක්‍රීඩාවේ කඩාවැටීමේ වගකීම් භාරගෙන එම තනතුරුවලින් ඉල්ලා අස්වෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉදිරිපිට අද (04) උදෑසන සත්‍යග්‍රහයක්ද ආරම්භ කරනු ලැබූ අතර, මේ වනවිටත් ක්‍රියාත්මක එම සත්‍යග්‍රහය හේතුවෙන් ආයතන පරිශ්‍රය ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබෙනවා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top