අදත් වැස්ස.. මාර්ගවල දැඩි මීදුම් තත්වයක් ?
Saturday, 04 November 2023 - 12:39 | Views - 1,560

Update.. 

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ පස්වරුවේ ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ඩෙවෝන් සහ සෙන්ක්ලෙයාර් යන දියඇළිවල ඇද හැලෙන ජල ධාරිතාව ඉහළ ගොස් තිබෙනවා.

වර්ෂාවත් සමග හැටන් - කොළඹ සහ හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගවල දැඩි මීදුම් තත්වයක් පවතින අතර, මේ නිසා රථවාහන ධාවනයට බාධා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඉහළ කොත්මලේ ජලාශයේද ජල ධාරිතාව ඉහළ ගොස් ඇති නිසා එහි වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහළින් කොත්මලේ ඔය දෙපස පදිංචිකරුවන් සැළකිල්ලෙන් පසුවන ලෙසයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙන්නේ.

----------------------------------------------------------------------------
 
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(04) පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම, වව්නියාව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට ඉක්මවූ තද වැසිද ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට ඉක්මවූ තරමක තද වැසිද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව වාර්තා වෙනවා.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එම නිවේදනයේ සඳහන් වන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව අවධානය කරන්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top