අදත් වැස්ස.. මාර්ගවල දැඩි මීදුම් තත්වයක් ?
Update..
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ පස්වරුවේ ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ඩෙවෝන් සහ සෙන්ක්ලෙයාර් යන දියඇළිවල ඇද හැලෙන ජල ධාරිතාව ඉහළ ගොස් තිබෙනවා.
වර්ෂාවත් සමග හැටන් - කොළඹ සහ හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගවල දැඩි මීදුම් තත්වයක් පවතින අතර, මේ නිසා රථවාහන ධාවනයට බාධා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ඉහළ කොත්මලේ ජලාශයේද ජල ධාරිතාව ඉහළ ගොස් ඇති නිසා එහි වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහළින් කොත්මලේ ඔය දෙපස පදිංචිකරුවන් සැළකිල්ලෙන් පසුවන ලෙසයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙන්නේ.
----------------------------------------------------------------------------
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(04) පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම, වව්නියාව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට ඉක්මවූ තද වැසිද ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.
සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට ඉක්මවූ තරමක තද වැසිද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව වාර්තා වෙනවා.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එම නිවේදනයේ සඳහන් වන්නේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව අවධානය කරන්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.