බද්ද වැඩි කිරීමත් සමඟ සීනි මිල ඉහළ යයි..
Friday, 03 November 2023 - 15:30 | Views - 1,632
නායනික සීනි බදු ඉහළ දැමීමත් සමඟ වෙලදපොළේ මේ වනවිට සීනි මිල ඉහළ ගොස් ඇති ඇති බව පාරිභෝගික ජනතාව චෝදනා කරනවා.

ආනයනික සීනි කිලෝවක් සඳහා පැවති ශත 25ක්ව පැවති බද්ද ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය කටයුතු කළා.

එම බදු සංශෝධනයත් සමග අද (02) උදෑසන වන විට වෙලදපොළේ සීනි මිල රුපියල් 300 ඉක්මවා අලෙවි වන බවට හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයා බැලීමකදී අනාවරණ වුණා.

රජය සතු ලංකා සතොස අලෙවිසැල්වල පවා සීනි කිලෝවක මිල අද උදෑසන වනවිට ඉහල දමා තිබූ අතර ඇසුරුම් කළ සීනී කිලෝ ග්‍රෑමයක පැකැට්ටුවක මිල දැක්වුනේ රුපියල් 350 ක් ලෙසයි.

සිල්ලර වශයෙන් සීනී කිලෝවක් අලෙවි කරන්නේ රුපියල් 320ක මිලකටයි.

ආනයනික බදු ඉහළ නැංවූ දිනට පසු වෙලඳපොළේ සීනි මිල මෙලෙස අත්තනෝමතිකව ඉහළ දැමීම සම්බන්ධයෙන් ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් අදහස් දක්වා සිටියා.

කෙසේ වෙතත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ කියා සිටියේ ආනයනික සීනි බදු ඉහළ දැමුව ද උපරිම සිල්ලර මිලක් නියම කරන බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top