බද්ද වැඩි කිරීමත් සමඟ සීනි මිල ඉහළ යයි..
Friday, 03 November 2023 - 15:30 | Views - 1,633
නායනික සීනි බදු ඉහළ දැමීමත් සමඟ වෙලදපොළේ මේ වනවිට සීනි මිල ඉහළ ගොස් ඇති ඇති බව පාරිභෝගික ජනතාව චෝදනා කරනවා.
ආනයනික සීනි කිලෝවක් සඳහා පැවති ශත 25ක්ව පැවති බද්ද ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය කටයුතු කළා.
එම බදු සංශෝධනයත් සමග අද (02) උදෑසන වන විට වෙලදපොළේ සීනි මිල රුපියල් 300 ඉක්මවා අලෙවි වන බවට හිරු ප්රවෘත්ති අංශය කළ සොයා බැලීමකදී අනාවරණ වුණා.
රජය සතු ලංකා සතොස අලෙවිසැල්වල පවා සීනි කිලෝවක මිල අද උදෑසන වනවිට ඉහල දමා තිබූ අතර ඇසුරුම් කළ සීනී කිලෝ ග්‍රෑමයක පැකැට්ටුවක මිල දැක්වුනේ රුපියල් 350 ක් ලෙසයි.
සිල්ලර වශයෙන් සීනී කිලෝවක් අලෙවි කරන්නේ රුපියල් 320ක මිලකටයි.
ආනයනික බදු ඉහළ නැංවූ දිනට පසු වෙලඳපොළේ සීනි මිල මෙලෙස අත්තනෝමතිකව ඉහළ දැමීම සම්බන්ධයෙන් ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් අදහස් දක්වා සිටියා.
කෙසේ වෙතත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ කියා සිටියේ ආනයනික සීනි බදු ඉහළ දැමුව ද උපරිම සිල්ලර මිලක් නියම කරන බවයි.
Share This Article