HIV ආසාදිත රෝගීන් ඉහළට
Friday, 03 November 2023 - 9:01 | Views - 585
මෙම වසරේ HIV ආසාදිත රෝගීන් 485 දෙනෙක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන පවසනවා.
එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය ජානකි විදානපතිරණ සඳහන් කළේ පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.
පසුගිය වසරේ වාර්තා වී තිබුණේ HIV ආසාදිතයින් 425 දෙනෙකු පමණයි.
ශ්‍රී ලංකාවෙන් මේ දක්වා HIV ආසාදිතයින් 5496 දෙනෙකු සොයාගෙන තිබෙනවා.
Share This Article