හෙට ජලය කැපෙන ප්‍රදේශ මෙන්න
Friday, 03 November 2023 - 8:25 | Views - 1,645
ජල කප්පාදුවක් කොළඹ 11,12,13,14 සහ 15 ප්‍රදේශවලට හෙට (04) සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා.
ඒ සෙනසුරාදා දින පස්වරු 7.00 සිට නොවැම්බර් 05 වන ඉරිදා දින පෙරවරු 5.00 දක්වා පැය 10ක කාලයක් සඳහා වන බවයි ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසන්නේ.
මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළ කරන අතර, අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා ලෙස ජල ප්‍රවාහන මණ්ඩලය වැඩිදුරටත් පවසනවා.
Share This Article