මානසික ආබාධයක් ද ? නිදි යහනේදී සැමියාට රහසඟ අහිමිවෙලා..
Thursday, 02 November 2023 - 15:46 | Views - 578
හමුදා සෙබළකු වන තම සැමියාගේ පුරුෂ ලිංගය ගිරයකින් කපා බරපතල තවාල කළැයි කියන රිමාන්ඞ් කර සිටි බිරිය රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය නියෝග කර තියෙනවා.
සැකකාර කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලේ මානසික වෛද්‍ය සායනයකදී මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තාව මෙම මස 17 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කවරක්කුලම පොලිසියට නියෝග කර තිබෙනවා.
මෙසේ ඇප මත මුදා හැරියේ අනුරාධපුර යහලේගම ඩබ්ලිව්. පී. දර්ශිකා භාග්‍යා මාධවී දිසානායක නැමැති කාන්තාවයි.
තම සෙබළ සැමියා දිවා කාලයේ නිවසේ නිදාගෙන සිටින අතරවාරයේ සැකකාරිය ගිරයකින් ඔහුගේ පුරුෂ ලිංගය අගල් දෙකක් පමණ කපා බරපතල හානි සිදු කර ඇති බවත් පසුව 1990 සුව සැරිය ගිලන් රථයකින් තුවාලකරු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කල පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් කවරක්කුලම පොලිසිය සඳහන් කළා.
Share This Article