''ඉල්ලුවට - කප්පම් දෙන්න එපා ''පොලිසිය
Thursday, 02 November 2023 - 12:43 | Views - 823
සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජිකයින් සහ විවිධ ජාවාරම්කරුවන් විසින් කප්පම් මුදල් ඉල්ලා සිදුකරන බිය ගැන්වීම් සහ තර්ජන සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින්ට පොලිසිය විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.
පසුගිය දිනවල කප්පම් ඉල්ලා ව්‍යාපාරිකයින් ඇතුළු පුද්ගලයින් බියට පත් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබී ඇති බවටයි සඳහන් වන්නේ.
ඇතැම් ව්‍යාපාරිකයින් ප්‍රකාශ කළේ විදෙස්ගතව සැගවී සිටින පාතාල කල්ලි සාමාජිකයින්ගේ නම් යොදා ගනිමින් මෙරට සිටින ඇතැම් ජාවාරම්කරුවන් විසින් කප්පම් මුදල් ඉල්ලා සිටින බවයි.
කෙසේ වෙතත්, කිසිදු අවස්ථාවක කප්පම් මුදල් ලබා දීමෙන් වැළකී සිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ව්‍යාපාරිකයින් සහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article