බියෙන් ඇලලී යන කතාවක්.. සීග්‍රයෙන් පැතිරයන රෝගය..
මේ කියන්න යන්නෙ මිනිස්සු තවත් බියෙන් ඇලලී යන කතාවක්..
වියළි කාලගුණික තත්ත්වය අවසන් වීමත් සමඟම උතුරුමැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රිකයේ ඇතැම් ගම්මානවල වෛරස් රෝග සීග්‍රයන් පැතිරෙමින් පවත්න බවට වාර්තා වෙනවා...
ඇස් රෝග පැතිරීම හා කුඩා ළමුන් හට වම, උණ වැනි රෝග වැලදීම එම වෛරස අවදානමත් එක්ක බහුලවම දැකගන්න පුළුවන්... වෛද්‍යවරුන් පවසන්නේ එම රෝග වැලදී ප්‍රථිකාර ලබා ගැනීමට, රජයේ රෝහල් වෙත හා පුද්ගලික වෛද්‍ය ප්‍රථිකාර අංශ සඳහා රෝගින් බහුලව පැමිණෙන බවයි...
එවැනි රෝග ලක්ෂණ සහිත පාසල් දරුවන් හා වැඩිහිටියන් වෛද්‍යවරයෙකු වෙත යොමු වී තම නේවාසික ප්‍රථිකාර ලබා ගැනීම සුදුසුම ක්‍රියාව බවත් එසේ එම රෝගය වැලදී සමාජයත් සමග ගැටීමෙන් රෝගය තව තවත් සමාජගත වීම කඩිනමින් සිදු වන බවත් මේ වන ව්ට මෙම තත්ත්වය වසංගත තත්ත්වයකට පැමිණ නොමැති බවත් ඒ පිළිබඳ අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවත් බලධාරීන් පවසනවා...
මේ පිළිබඳ අදහස් දැක්වූ උතුරුමැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය පාලිත බණ්ඩාර ,
මට පොළොන්නරුවේ හා අනුරාධපුර දිස්ත්‍රීක් සෞඛ්‍ය කම්ටු දෙකෙන්ම ඒ ලිළිබඳව දැණුවත් වීමක් සිදු කරලා නෑ. සාමාන්‍ය දෙයක් වෛරස් එකක් කියන්නේ.. ඒක අධි වසංගත තත්ත්වයකට පරිවර්තනය වෙනවානම් මේ දිස්තික් දෙකම මාව දැණුවත් කරනවා... දැන් හෙම්බිරිස්සාවක් , කැස්සක හැදෙන එක සාමාන්‍ය වෛරසයක්නි... ඒ නිසා එවැනි වෛරස් වැලදෙන්න පුලුවන්... අනිසි බියක් අති කරගන්න අවශ්‍ය නෑ ජනතාව.. නමුත් නිවැරිදි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ආරක්ෂා වීම වැදගත්, යැයි පැවැසූවා..