ප්‍රමාදයට හේතුව.. රැකියා 150ක් ?
දුම්රිය රියදුරන් 150 කගේ හිඟයක් මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින බව වාර්තා වනවා.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට දැඩි බාධා මතුව ඇති බවයි.
මේ හේතුවෙන් ඇතැම් රියදුරන් නිවාඩු නොගෙන රජකාරි සිදු කරන බවත් එම නිලධාරියා සඳහන් කළා.
ඇතැම් අවස්ථාවලදී ද ධාවන කටයුතු සඳහා උසස් වීම් ලබාදී යොමු කළද දුම්රිය රියදුරු හිඟය දෙපාර්තමේන්තුවට ප්‍රධාන ගැටලුවක් වී ඇති බවයි ඔහු කියා සිටියා
කෙසේ වෙතත්, නව දුම්රිය රියදුරන් බඳවා ගනු ලැබුවද ඔවුන් පරිපූර්ණ රියදුරෙකු ලෙස පත් කිරීමට වසර 4 ක කාලයක් පමණ ගත වන බවයි වාර්තා වන්නේ.