වඳුරු රැළක් සමඟ කැළයක දිවි ගෙවු කුඩා දැරියකගේ සංවේදී වීඩියෝව
Friday, 07 April 2017 - 16:33 | Views - 34,990
අට හැවිරිදි මේ කුඩා දැරිය සොයාගෙන ඇත්තේ ඉන්දියාවේ ඈතින් පිහිටි වනාන්තරයකින්. ඇය සොයා ගන්නා අවස්ථාවේ දී ඇය ජීවත්වෙමින් සිට ඇත්තේ වඳුරන් සමඟයි.
මෙම දැරියට සාමාන්‍ය මිනිසෙක් මෙන් ඇවිදීමට හෝ කතා කිරීමට ද නොහැකිය.
සුරේෂ් යාදව් නම් පොලිස් නිළධාරියා මේ ප්‍රදේශයේ මුර සංචාරයක යෙදී සිටින අතරතුර මෙම දැරිය වඳුරු රැළක් සමඟ සතුටින් වාඩිවී සිටින අයුරු දැක ඇත.
ඇයව එම වඳුරු රැළෙන් බේරා ගැනීමට ද අපහසු වූ බවත් ඇයද ඔවුන්ගෙන් වෙන් වී ඒමට කැමැත්තක් නොදැක්වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙතෙක් ඇයගේ දෙමව්පියන් පිළිබඳව හෝ ඇය වනාන්තරයේ තනිවූයේ කෙසේද යන වග සොයාගෙන නැත.
ඇයව දැඩි පරිශ්‍රමයකින් රෝහලකට ගෙනා පසු වඳුරන් මෙන් යටි ගිරියෙන් කෑ ගසන ආකාරය පහත වීඩියෝවෙන් දැක්වේ.
Share This Article