හදිසියේ ම තහනම් වූ උද්‍යානය ?
Tuesday, 31 October 2023 - 10:28 | Views - 725
කාලාන්තරයක් තිස්සේ යාපනය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය උද්‍යානයක් අධිකරණය මගින් තහනම් කර තිබෙනවා.
පර්චස් 80 ක භූමි භාගයක පවත්වාගෙන ගිය මෙම උද්‍යානය අලංකාර කිරීම සඳහා කුඩා කාමර තනා ඇති අතර එම කාමර තුළ විවිධ දූෂිත ක්‍රියා සිදුවී ඇති බවට වාර්තා වීම නිසා මෙලෙස තහනම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අතරම මෙම ස්ථානය නිර්මාණය කර තිබෙන්නේ විවාහ උත්සවවලදී කැමරාගත කිරීම් සඳහා දර්ශන පසුතල සැපයීමට බවයි එහි හිමිකරු පොලීසියට පවසා ඇත්තේ.
කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් එහි හිමිකරු වන 78 හැවිරිදි ව්‍යාපාරිකයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම උද්‍යානයේ කාමරයක් තුළ සති කීපයකට උඩදී දැරියකට අතවර කිරීමේ සිද්ධියක් පිළිබඳව පොලිසිය ලද තොරතුරක් මතයි මෙම ස්ථානය සොයාගෙන තිබෙන්නේ.
එහිදී කළ විමර්ශනවලට අනුව, යාපනය ප්‍රදේශවාසීන්ගෙන් ලබාගත් ප්‍රකාශ අනුව මෙම උද්‍යානය මෙසේ තහනම් කර, චෝදනා දෙකක් යටතේ එහි අයිතිකරු මේවන විට මෙසේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර තිබෙනවා.
Share This Article