ගිය සතියෙ දවසක මම වයිෆ්ව කොටහේනට යවන්න රාජගිරියෙ ඉඳන් පික්මී එකක් දාගන්න ගොඩක් වෙලා උත්සාහ කලත් ඒ වෙලාවෙ පික්මී නැති නිසා පාරට ආවෙ පාරෙන් හරි ත්‍රීවීලර් එකක් අරගෙන වයිෆ්ව ඒකෙ එයාගෙ ක්ලාස් එක ගාවට යවන්න..
එතකොටම පාරෙ ආවා ත්‍රීවීල් එකක් .
අපි ඒකට අත දාපුවාම අපිව පොඩ්ඩක් පහු කරගෙන අඩි විස්සක් තිහක් එහායින් ත්‍රීවීලර් එක නැවැත්තුවාම වයිෆ් ඒකට නගින්න දුවගෙන ගියා .
මමත් එයාගෙ එක්කම ගියා ත්‍රීවීලර් එක ගාවට..
එතන්ට යනකොට මම අහම්බෙන් වගේ දැක්කා ත්‍රීවීලර් එකේ පිටිපස්සෙ ගහලා තිබුන වදන
"කොච්චර කැටයම් දැම්මත් අන්තිමට උරුමේ කුස්සිය තමා නංගි.."
කියලා..
මම එහෙම්මම වයිෆ්ගෙ අතින් අල්ලල එයාව නවත්තගෙන ත්‍රීවීල් එකේ මල්ලිට කීවා
"ඔයා යන්න මල්ලි මේ වාහනේ අපි යන්න කැමති නෑ කියලා.."
ත්‍රීවීල් මල්ලි අහනවා
"ඇයි මොකක්ද අවුල මහත්තයා "
කියල.. මම කීවා.
"මල්ලි ඔයාගෙ අම්ම ඔයාගෙ තාත්තට උයලා කන්න දෙන්නෙ ආදරේට..
ඔයාගෙ වයිෆ් ඔයාට උයලා කන්න දෙන්නෙ ආදරේට..
ඒව උයලා දුන්නම ඒක කාලා ගෑනි කියන්නෙ කුස්සියෙ ඉන්න දාසියක් කියලා හිතාගෙන ලොකු වදන් ගහගන ඉන්න මිනිස්සුන්ගෙ ත්‍රීවීල් වල මම මගෙ වයිෆ්ව යවන්නෙ නෑ..
මොකද තමන්ගෙ අම්ම ගෑනියෙක් වෙලත් තමන්ගෙ වයිෆ් ගෑනියෙක් වෙලත් ගෑනු කියන්නෙ මෙහෙම නිකන් කුස්සියෙ වැඩකාරියෙක් ගානට දාන මිනිහෙක් තමන් එක්ක හයර් එකක් යන ගෑනියෙක් ගැන උනත් දකින විදිහ ඒ තරම් හොඳ නෑ කියලා මම දන්නවා..
ගෑනු කියන්නෙ පිරිමින්ගෙ වැඩකාරියො වහලියො දාසියො නෙවෙයි..
ගෑනු කියන්නෙ ගොඩක් සියුමැලි ජාතියක්..
ඒත් ඕනෙ වෙන තැනකදි ඕනෙ තරම් හයිය වෙන ජාතියක්..
එයාලා ගෙවල් වල වැඩ කරන්නෙ රොඩී කුලේ ඉපදිලා ඇවිත් නෙවේ මිනිහට ආදරේ නිසා කරන උදවුවක් හැටියට..
ඒක නිසා ඔය වගේ ආකල්ප හිතේ තියාගෙන ඉන්න අය ගැන මගෙ කිසිම කැමැත්තක් නෑ "
කියලා..
වීල් එකේ මල්ලිගෙ උත්තරේ මට වැඩක් නැති නිසා මම එහෙම කීයාගෙනම වයිෆ්ගෙ අතින් අල්ලගෙන ආපහු ඇවිත් වෙන ත්‍රීවීලර් එකකට එයාව දැම්මා...
ගෑනු කියන්න කුස්සිය උරුම වෙන්න ඕනෙ ජාතියක් නෙවේ..
ගෑනු ඉන්න ඕනෙ පිරිමියගෙ හිතේ උඩින්ම ..
තමන්ගෙ ඇසුරෙ ඉන්න ඕනෙම ගෑනියෙකුට රැජිනකට වගේ ගරු කරන්න පුරුදු වෙන්න ..
එතකොට උඹලත් නිකන්ම රජවරු වෙනවා..
අම්මගෙ බඩේ ඉඳන් ඇවිත් පිරිමියෙක් වෙලා ඉඳන් ගෑනුන්ට ගරු කරන්නෙ නැත්නම් අපරාදෙ උඹ පිරිමියෙක් උනේ..
අපරාදෙ උඹ මේ ලෝකෙට ආවෙ..
ධනුෂ්ක කාංචන ජයවීර..