මෙවර අයවැයෙන් එන අලුත් ම බද්ද..
Saturday, 28 October 2023 - 15:26 | Views - 769
මෙවර අය-වැයෙන් ධන බද්දක් හෝ උරුමයන් පිළිබඳ වත්කම් බද්දක් ගෙන ඒමට රජයේ සූදානමක් පවතින බව වාර්තා වෙනවා.

එම බද්ද මගින් එක් එක් පුද්ගලයන් සතු වත්කම් ප්‍රමාණය තක්සේරු කර ඊට අදාළව බදු අය කර ගැනීම මෙහි අරමුණ බව සඳහන් වේ.

මුදල්, බැංකු තැන්පතු, නිශ්චල දේපළ, රක්ෂණ හා විශ්‍රාම වැටුප්, සංස්ථාපිත නොවන ව්‍යාපාරවල හිමිකාරිත්වය, මූල්‍ය සුරැකුම්පත් ඇතුළුව පෞද්ගලික වත්කම්වල සම්පූර්ණ වටිනාකම මෙම බද්දට ඇතුළත් බව සඳහන් වේ.

දැනට සාකච්ඡා මට්ටමේ පවතින මෙම යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාව අනුව 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබුණ ද රාජ්‍ය ආදායමේ පවතින හිඟය හේතුවෙන් එය ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යෝජනා වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුව ද දැනට යෝජනා වී ඇත්තේ පුද්ගලයෙකුට හිමිවිය යුතු නිවාසයක්, වාහනයක්, කුඩා ඉඩමක් ආදී මූලික වත්කම් හැර ඔහු විසින් උපයනු ලබන වෙනත් අතිරේක වත්කම් මත මෙම බදු අය කර ගැනීම පිළිබඳ බව සඳහන් වේ.

දැනට සිදුව පවතින සාකච්ඡා අනුව මෙම බද්ද හෝ උරුමයන් පිළිබඳව බද්ද නමින් වෙනත් නව බද්දක් පිළිබඳව යෝජනා වී ඇතත් එය ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කරන පිළිවෙත පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම Wealth Tax නම් වත්කම් – දේපළ බද්ද ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමතිව සිටියදී හඳුන්වා දුන් බද්දක් වන අතර එය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලනය බිහි වනතෙක් ක්‍රියාත්මකව තිබූ බව ත් ඔහු විසින් එය අහෝසි කරන ලද අතර එතැන් පටන් මේ වන තෙක් අදාළ බද්ද ක්‍රියාත්මක වී නොමැති බව ත් අදාළ ආරංචිමාර්ග පැවසී ය. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top