උසස් පෙළ කල් දැමීම ගැන අලුත් ආරංචියක් ?
Saturday, 28 October 2023 - 14:21 | Views - 2,729
ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා ගොනු කරන ලද පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා විභාග කොමසාරිස්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අවසර දීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) තීරණය කර තිබෙනවා.

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත සිසුන් තිදෙනකු වන අතර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය කළ ඉල්ලීමකට අනුව මේ අවසරය දෙනු ලැබුූ බවයි වාර්තා වන්නේ.

එහිදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විවේකා සිරිවර්ධන මේ පෙත්සම සඳහා සීමිත විරෝධතා ගොනු කිරීමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා අවසර දෙන ලෙස ඉල්ලා තිබෙනවා.

පෙත්සම්කරුවන් පවසන්නේ අදාළ විෂය නිර්දේශයන් නියමිත පරිදි ආවරණය වී නොමැති බවත් එසේ තිබියදී අපොස උසස් පෙළ විභාගය ලබන ජනවාරි මාසයේ 04 වැනිදා සිට පැවැත්වීමට තීරණය කර ඇති බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top