උසස් පෙළ කල් දැමීම ගැන අලුත් ආරංචියක් ?
Saturday, 28 October 2023 - 14:21 | Views - 2,730
ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා ගොනු කරන ලද පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා විභාග කොමසාරිස්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අවසර දීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) තීරණය කර තිබෙනවා.
මෙම පෙත්සම ගොනු කර ඇත්තේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත සිසුන් තිදෙනකු වන අතර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය කළ ඉල්ලීමකට අනුව මේ අවසරය දෙනු ලැබුූ බවයි වාර්තා වන්නේ.
එහිදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විවේකා සිරිවර්ධන මේ පෙත්සම සඳහා සීමිත විරෝධතා ගොනු කිරීමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා අවසර දෙන ලෙස ඉල්ලා තිබෙනවා.
පෙත්සම්කරුවන් පවසන්නේ අදාළ විෂය නිර්දේශයන් නියමිත පරිදි ආවරණය වී නොමැති බවත් එසේ තිබියදී අපොස උසස් පෙළ විභාගය ලබන ජනවාරි මාසයේ 04 වැනිදා සිට පැවැත්වීමට තීරණය කර ඇති බවයි.
Share This Article