ක්ෂණික ණය දෙන ඇප් උගුලට ඔබත් හසුවුණා ද ?
Saturday, 28 October 2023 - 10:39 | Views - 741
ඔන්ලයින් ඇප් හරහා ගන්න ණය නිසා විනාස වෙන ජීවිත ගැන මීට පෙර ද බොහෝ සේ කතා බහට ලක්වුණා.
මේවා ගන්න හරිම ලේසි වුණාට , ගෙවා ගන්න ගියාම නම් කොටි වළිගේ එල්ලුනා වගේ තමයි.. අපි හැමෝම මේ කාරණාව දන්නවා වුණත්, නැති බැරි කමට මත් ණය අරන් අමාරුවේ වැටෙනවා වෙන්න පුළුවන්..
ඇත්තටම ඉවක් බවක් නැතුව ගන්න මේ ණය නිසා සමහරු පවුල් ජීවිතවලින් පවා වන්දි ගෙවනවා.
පසුගියදා එවැනි සිද්ධියක් ඉන්දියාවෙනුත් වාර්තා වුණා.
ඒත් ඔය ආකාරයට ලබාගත් ණය ගෙවා ගන්න බැරුව, මුළු පවුලක්ම සිය දිවි නසා ගත්ත පුවතක්..
ඉතින්, විවිධ ප්රචාරණ ක්රම හරහා ජනතාව අතරට යන මේ ක්ෂණික ණය දෙන ආයතනවලට නියාමනයක් තියෙනවා ද?
කවුද මේවා කරන්නේ... ?
නැත්නම් මේවා කිසිදු පාලනයෙන් තොර ආයතන ද?
මේවායේ භයානකකම ගැන ජනතාව දැනුවත් ද?
පිරමීඩවලට සල්ලි දාලා දාලා , දැන් කර කියා ගන්න දෙයක් නැතුව මිනිස්සු ක්ෂණික ණය උගුලට අහුකරගන්න එක ද දැන් මේ අලුත් ම ක්රමය ද ?..
අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා පලක් නැති බව වගකිව යුත්තෝ තේරුම් ගත යුතු නොවේ ද?
එය එසේ වන තුරු ප්රවේශම් වන්න.. මෙවැනි වංචනික ක්රියාවලට හසු නොවෙන්න ඔබත් වග බලා ගන්න..
Share This Article