'' අම්මාව එවන්න මෙහෙට, අම්මගේ මිනී පෙටිටියට මට කර ගහන්න ඕන.'' සෝ සුසුම් මැදින් අනුලා නිහඬව දිවයිනට..
Saturday, 28 October 2023 - 10:06 | Views - 679

ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූ පත් වූ ශ්‍රී ලාංකික සේවිකාවක වූ අනුලා ජයතිලකගේ දේහය අද පෙරවරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.අද පෙරවරු 11ට පමණ ඇයගේ දේහය රැගත් ගුවන් යානය දිවයිනට පැමිණීමට නියමිත බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ.මේ අතර අනුලා මියගිය බවට තහවුරු වීමට පෙර ඇගේ දියණිය ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර වෙත පණිවුඩයක් යොමු කොට තිබුණා.එහි ඇති සංවේදී කරණු උපුටා දක්වමින් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සිය ෆේස් බුක් ගිණුමට එක් කොට තිබු සටහනයි මේ.''සර්, මම අනුලාගේ දුව, මගේ හිත කියන්නෙම අම්මා ඉන්නවා කියල, අම්මා රට යනකොට මට අවුරුදු 16 යි සර්, මගේ ජීවිතේ අවුරුදු 10කට මං අම්මා එක්ක ළගින් හිටියේ දවස් 90යි, අම්මා මේ සිද්ධිය වෙන්න කළින් දවසේ රෑ මට කිව්වා සුදු අම්මා ඔයාට ඔින දේකට මම ඉන්නවා කියල, අම්මට තිබුණූ ලොකු ආසාවක් ලස්සනට මගෙ වෙඩින් එක ගන්න, මම විභාග වුණත් පාස් වෙන්නේ අම්මා වෙනුවෙන් සර්, මම පාඩම් කරන්න පොඩ්ඩක්වත් කැමති කෙනෙක් නෙවෙයි, අම්මා වෙනුවෙන් ඒ ඔක්කොම කළේ සර්, අම්මව පැහැරගෙන ගිහින් ඉඳලා හමුවුණොත් කියන්න සර් මම අම්මා එනකල් බලා ඉන්නවා කියලා. අම්මා නැති වෙලා නම් ඒකත් මට කියන්න සර්, අම්මාව එවන්න මෙහෙට, අම්මගේ අවසන් කටයුතු කරන්න ඕන හොදට අම්මගේ මිනී පෙටිටියට මට කර ගහන්න ඕන.''


Share This Article