රැකියා අපේක්ෂිත ඔබට සුබ ආරංචියක් මෙන්න
Saturday, 28 October 2023 - 8:48 | Views - 993
සම්මුඛ පරීක්ෂණ සමත්ව වසර තුනක් රැකියා අපේක්ෂාවෙන් සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1500ක් බඳවා ගැනීම කඩිනම් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළා.
රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් සමග මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ඒ අනුව සෞඛ්‍ය බඳවා ගැනීම් සඳහා ප්‍රමුඛත්වය දෙන බවත් අදාළ බඳවා ගැනීම් පිළිබඳ නිශ්චිත තීරණයක් ඉදිරි දින කිහිපය තුළ ලබා දෙන ලෙස ත් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article