මිතුරා ඇරලවා බිරිඳවත් කැන්දන් ගිය.. දෙවියන් සිහියට එන අපුරූ මිතුරුකම..
Friday, 27 October 2023 - 14:45 | Views - 959
දෙදෙනාම ගජ මිතුරෝ වූහ. එකෙක් විවාහකය. අනෙකා අවිවාහකය. කෑවේ බිව්වේ ගමන බිමන් ගියේ එකටමය. දෙදෙනාගේම නිවෙස් දෙදෙනාටම විවෘත විය.

කොවිඩ් ව්‍යසනයත් සමඟ විවාහක මිතුරාගේ ව්‍යාපාර ආයෙත් ගොඩගන්න බැරි ආකාරයට කඩා වැටුණි.

එහෙයින් ඔහු විදෙස්ගත වීමට තීරණය කළේය. භාර්යාවත් මිතුරාත් ඊට අලගු තැබූහ. ඒ විතරක්ම නොව ඔහුට ඊට අවැසි කාර්යයන්ද නොපිරිහෙලා ඉටුකර දුන්හ.

විවාහක මිතුරා රට යෑමේ දිනය උදාවිය. ගුවන් තොටුපොළට ඔහු ඇරලීමට ඇරයුම් ලැබුවේ භාර්යාව සහ මිතුරාය. වාහනයක් ද කුලියට ගත්තේය. එයින් ඔවුහු ගුවන් තොටුපොළට ගියහ.

ගුවන් තොටුපොළේදී භාර්යාව සිය සැමියා වෙලාගෙන හැඬුවාය. දෙමිතුරන් සමුගත්තේද වේදනාවෙන් දුක් සන්තාපයෙන්ය.

විවාහක මිතුරා වෙහෙසකාරී ගුවන් ගමනකින් පසු විදෙස් රටට පැමිණි පසු සිය භාර්යාව දුරකතනයෙන් ඇමතීමට ඇමතුමක් ලබා ගත්තේය.

එය ක්‍රියා විරහිතය. දෙතුන් වතාවක්ම උත්සාහ කළේය එය ගඟට කැපූ ඉනි මෙනි.

සිය අතිජාත මිත්‍රයා ඇමතුවේ ඉන්පසුවය. ඔහුගේ දුරකථනය ක්‍රියාත්මකය. සැනසුම් සුසුමක් හිතට ආවේය.

''මචං මම නෝනට කෝල් කළා ෆෝන් එක වැඩ නැහැ. මොකක්වත් කරදරයක් ද දන්නේ නැහැ. පොඩ්ඩක් හොයලා බලපන්'' ඔහු කීවේය.

''හා මචං, එයාට කරදරයක් නම් නැහැ ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා''

''මොකක්ද? ඒ''යැයි ඔහු ඇසුවේ පපුව ගැහි ගැහිය.


''මචං මේකයි, උඹ එයාපෝට් එකට බස්සලා එද්දී එයාට ගෙදර යන්න බැහැ කිව්වා.

උඹ නැතුව පාළුයි කියලා. අපේ ගෙදර නවතින්න එන්න ඕනෑ කියලා. මම ඉතින් එයා එක්කන් අපේ ගෙදර ආවා.” යයි කී විට විවාහක මිතුරාට දෙවියන් බුදුන් සිහිවුවත් කරන්නට කිසිදෙයක් නොවීය.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top