එයාත් එක්ක ප්‍රශ්න ඇති කර ගන්නේ නැතුව, ආදරෙන් ඉන්න ට්‍රිප්ස් මෙන්න..
Friday, 27 October 2023 - 11:17 | Views - 711

හැම කෙනෙක්ම ආදරය කරන්න ගන්නේ ගොඩක් බලාපොරොත්තු හිතේ තියාගෙන..
ඒක ගැහැනු පිරිමි කියන හැමෝටම පොදුයි...
ඉතින් හොඳ සවන්දීමක් වගේම විශ්වාසවන්ත හිතක් කියන්නේ ආදර සම්බන්ධයක් බැඳීමක් ශක්තිමත් කරන්න ප්‍රබල හේතුවක්... ඒත් ගොඩක් කාන්තාවන් කියන දෙයක් තමයි සැමියා හරි පෙම්වතා හරි එයාට ඇහුම්කන් දෙන්නේ නැහැ කියන එක...
ඒ වගේම තවත් කෙනෙක් කියනවා නම් තමගේ පෙම්වතිය හරි බිරිඳ හරි ඕනවාට වඩා කියවනවා ඒක මට හරි කරදරයක් කියලා ඔයත් මේක කියවන්නම ඕන...
කාන්තාවක් ගොඩක් වෙලාවට සංවේදී වෙන්නේ හැඟීම් බෙදා ගන්නේ එයාගේ ජීවිතේට ලං වෙන ළඟම කෙනා එක්ක... ඉතින් ඒ වෙලාවට ඔයාට පුළුවන් වෙන්න ඕන පොඩ්ඩක් ළඟට වෙලා කතා කරන්න, ඔළුව අතගාන්න, වැළඳ ගැනීමකින් එයාලගෙ හිත සනසන්න...
හැබැයි මේ කිසිම වෙලාවක ඒ දේවල් ඕනවාට වඩා කරන්න යන්නත් එපා..
ඒත් එක්කම අමතක කරන්න එපා ඔයා ඒ වෙලාවට දෙන උපදෙසක් දෙන්න ඕන හොඳට හිතලා බලලා.. ඒ වගේම එයා අඬපු අවස්තාවක එයාට ඔයාගේ ආදරය දැනෙන්න එයාගේ ළඟටම වෙලා ඉන්න...
දුකෙන් ඉන්න එක හරි , අඬන ඒව අහගෙන දරාගෙන ඉන්න බැරි නිසා කියලා හිතලා කිසිම වෙලාවක ඔයා ආදරය කරන කෙනා බොරුවට සනසන්න යන්න එපා...
ඒත් ඒ මොහොතේ එයාගෙ කඳුලුවලින් ලැබෙන මානසික පීඩනය අඩුවෙනවා නම් අඬන එක වුණත් කමක් නෑ කියලා එයාට තනි වෙන්න කාලයක් දෙන්න..
මනුස්සයෙක්ට පුලුවන් ගහලා බැනලා වගේම, හොඳින් ඉවසලා කතා බහ කරලත්, ප්‍රශ්න විසඳගන්න... ඒ වගේම බොරුවට අඬල කරලා ඔයාගේ හිත එයාගෙ පැත්තට නම්ම ගන්න හදන අවස්තාවල් ඒ අතර තියෙන්න පුළුවන්..
හැබැයි ඔබ ඒ වෙලාවෙම හොඳට හිතලා තීරණය කරන්න මේ තමාගේ සහකරු හෝ සහකාරියගේ ඇත්තම විලාසයද කියලා..
ඒත් එක්කම අඬාගෙන ආව ගමන් ඒවාට කම්පා වෙලා උත්තර දෙන්න යන්න එපා... එහෙම කරන්න ඕන නැ... මොකද සමහර විට ඔයා හිතනවට වඩා ලොකු ප්ලෑන් එකක් එයාලගෙ ඔය කඳුළු අස්සෙ හැංගිලා තියෙන්න පුළුවන්..
ඉතින් මොකද්ද ඔය තරම් අඬන්න හේතු වෙච්ච අවනඩුව කියන එක ගැන හොඳට ඔයා තේරුම් ගන්න..
ඇත්තටම මෙහෙම වෙලාවට ඉක්මන් වෙනවාට වඩා හොඳයි ටික ටික හැම දෙයක්ම පැහැදිලි කරලා දීලා සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් ඉඩ ඔයාගේ පවුල ඇතුලෙම හදාගන්න එක..
Share This Article