HIV පරීක්ෂාව නොමිලේ..
ලබන දෙසැම්බර් මස 1 වනදාට යෙදෙන ලෝක ඒඩ්ස් දින සැමරුම නිමිත්තෙන් එච්.අයි.වී. හඳුනාගැනීමේ විශේෂ සායන මාලාවක් දිවයින පුරා ආරම්භ කර තිබෙනවා.
ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ කියා සිටියේ සායන 25 කදී මෙම පරීක්ෂණය පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය සුරකින පරිදි සිදු කළ හැකි බවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0112 696 433 අංකය ඇමතීමෙන් ලබාගත හැකි බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.