ඇඟිල්ලකින් වුණත් ජීවිතේම කියන්න පුළුවන්.. බලන්න ඔයාටත් තියෙන්නේ මේ වගේ ඇඟිලි ද කියලා ?
Friday, 27 October 2023 - 8:36 | Views - 715
රවි ග්‍රහයා නියෝජනය වීම වෙද ඟිල්ලෙන් සිදු වේ. ඒ නිසාම එම ඇඟිල්ල රවි ඇඟිල්ල ලෙස ද නම් කරයි. එමෙන්ම ලග්න දොළහෙන් කටක, සිංහ, කන්‍යා යන ලග්න නියෝජනය වීමද සිදු වේ. නිය පුරුකෙන් කටක ලග්නයද මැද පුරුකෙන් සිංහ ලග්නය ද, මුල පුරුකෙන් කන්‍යා ලග්නය ද නියෝජනය වේ.

මීට අමතරව වෙදඟිල්ල හෙවත් රවි ඇඟිල්ලේ පිහිටීම හා හැඩය අනුව පෙන්නුම් කරන විශේෂ ගුණාංග කිපිපයක් වේ. වෙදඟිල්ල තුළින් පුද්ගලයකුගේ වාසනා මහිමය, බුද්ධිය, කථිකත්වය, සිතේ පවතින සතුට, කලාවට ඇති ලැදියාව, කරුණාව හා ගෞරවය ගැන පෙන්නුම් කෙරේ. මෙම ගුණාංගවල අඩු වැඩිවීම රවි ඇඟිල්ලේ පිහිටීම හා හැඩය අනුව සිදු වේ. වෙද ඇඟිල්ල හෙවත් රවි ඇඟිල්ලෙන් කියවෙන සුභ අශුභ පලාපල මෙසේය.

රවි ඇඟිල්ල, මැද ඇඟිල්ල හා සමාන උසවීම ,
මොවුන් ඉතා මසුරු පුද්ගලයන්ය. සූදුවට ලොල් වූවෝ වෙති. කලාකාමි හිතක් ඇති මොවුන් අනුන් තමාට වශී කර ගනී.

දිග රවි ඇඟිල්ලක් පිහිටා අනෙක් ඇඟිලි ඊට මඳක් හෝ කොටවීම ,
මොවුන් ඉතා ආත්මාර්ථකාමී පුද්ගලයන්ය. දරුණු හිතකින් යුක්ත මොවුන්, නිතර පව් කම්වල නියැළේ.

දිගු රවි ඇඟිල්ලේ මුල පුරුක ගෝලාකාරවීම ,

කාමාධික පුද්ගලයන්ට මෙසේ පිහිටයි. වයසේ අග්ගිස්සට ගියද මොවුන් කාම ගින්නෙන් දැවේ.

රවි ඇඟිල්ල, මැදඟිල්ල දෙසට නැඹුරු වේ නම් ,
මොවුන් තුළ ගැඹුරු චින්තනයක් පවතින අතර තමන්ගේ නම පවතින දෙයක් සමාජයට කිරීමද මොවුන්ගේ සිරිතයි.

රවි ඇඟිල්ල, බුධ ඇඟිල්ල දෙසට නැඹුරු වේ නම් ,
ව්‍යාපාරවලට දක්ෂයෝ වෙති. මොවුන් මුළු ජීවිත කාලයම ව්‍යාපාර වෙනුවෙන් කැපවේ.

දබර ඇඟිල්ලට වඩා රවි ඇඟිල්ල මිටි නම් ,
මොවුන්ට කලාව උපතින්ම පිහිටයි. ඕනෑම සුන්දර දෙයක් සිතුවමට නැගීමට මොවුන් අති දක්ෂයෝ වෙති.

රවි ඇඟිල්ලේ කෙළවර උල් නම් ,
මෙවන් රවි ඇඟිල්ලක් පිහිටි පුද්ගලයා ලෝක ප්‍රසිද්ධ වන චරිතයකි. සංගීත කලාව හෝ චිත්‍ර කලාව ඊට උපයෝගී වේ. නමුත් එසේවීමට මෙම ඇඟිල්ල පිහිටි අත චෛතසික අතක් නොවිය යුතුය.

රවි ඇඟිල්ලේ තුඩ චතුරශ්‍රාකාර පැතලි නම් ,
මොවුන් උනන්දුව අඩු, නොසැලකිලිමත් පුද්ගලයන්ය. පෞරණික දේට ඇලුම් කරන අතර ඒ තුළින්ම දියුණුවට පත් වේ.

රවි ඇඟිල්ල, දබරඟිල්ල හා සමාන උසවේ නම් ,
මොවුන් උපන් තත්ත්වයට වඩා දියුණු වන පුද්ගලයන්ය. ඉගෙනීමට ද අති දක්ෂය. මොවුන්ට තමන් ජීවත්වන හෝ ජීවත්වීමට ලැබෙන ඕනෑම සමාජ තලයකට පහසුවෙන් හැඩගැසීමේ හැකියාව ඇත.

දබරඟිල්ලට වඩා රවි ඇඟිල්ල උස නම් ,
තමන්ගේ ගුණ වර්ණනා කරනවාට ඉතා කැමැති පුද්ගලයන් වන මොවුන් බොහෝ මිත්‍රශීලී අය වේ.

රවි ඇඟිල්ල වකුටු හෝ විකෘති නම් ,
මොවුන් ඉතා කපටිය. කරන කියන කටයුතු අසාර්ථක වේ. තමන් තුළ ඇති හැකියාව වැරදි ලෙස භාවිත කරන, සමාජයෙන් කොන්වන, සූදුවට ලොල් චරිතයකි.

රවි ඇඟිල්ල සුලඟිල්ල හා සමාන වෙන්නේ සුලඟිල්ල දික්වීමෙන් නම් ,
විදඥයකු බඳු මහා ප්‍රඥාවන්තයෙක් වේ. කථාවෙන් ඕනෑම දෙයක් මිනිසුන්ට පහදා දීමට හෝ වටහා දීමට අති දක්ෂයෝ ප්‍රසිද්ධ දේශකයෝ ලෙස සමාජයේ නම් දරයි.

රවි ඇඟිල්ලේ නිය පුරුක අනෙක් පුරුක් දෙකට වඩා දිග නම් ,
මොවුන් ඉතා බුද්ධිමත්ය. කලාවට ද ලැදිය. කලාත්මක සිතුවිලිවලින් පිරිපුන් අයෙකි. නමුන් මොවුන් සූදුවට ගොස් මුදල් නැති නාස්ති කරයි.

රවි ඇඟිල්ලේ නිය පුරුක අනෙක් පුරුක්වලට වඩා කෙටි නම් ,
මොවුන් නිතර අලසව සිටිනු දැකිය හැකිය. කලාත්මක ගති අඩුය. කය හෝ මනස වෙහෙසා කිසිදු වැඩක් නොකරයි.

රවි ඇඟිල්ලේ මැද පුරුක වඩා දිග නම් ,
මොවුන් අත්දැකීම් බහුල පුද්ගලයන්ය. තමා කරන වැඩ සම්බන්ධ දෙවරක් සිතා කිරීම මොවුන්ගේ සිරිතයි. ප්‍රසිද්ධ ලේඛකයකු වේ. ලේඛනයට මෙන්ම බොහෝ දේට දක්ෂතා ඇති අයෙකි.

රවි ඇඟිල්ලේ මැද පුරුක අනෙක් පුරුක් දෙකට වඩා කෙටි නම් ,
පොහොසත්ව ඉපදුනද දුප්පත් වන පුද්ගලයන්ය. මොවුන් අනාගතය ගැන නොසිතා විනෝදයෙන් කාලය ගෙවා දමයි.

මුල පුරුක අනෙක් පුරුක්වලට වඩා දිග නම් ,
බොරු ආටෝපය ප්‍රිය කරන, මොවුන් අහංකාර චරිත වේ. නොසැලකිලිමත් මෙන්ම අඥානය. කරන කටයුතු අඩාල කර ගනී.

මුල පුරුක කෙටි නම් ,
මොවුන්ට වියදම් අධිකය. මාන්නාධික චරිත වේ. නිතර මාන්නයෙන් හිස උදම්මාගෙන ජීවත් වේ.

රවි ඇඟිල්ලේ ගැටයක් වේ නම් ,
තම ආගම, දහමට ගරු නොකරයි. ආත්මාර්ථකාමී චරිතයක් වන මොවුන් සමාජයටද කිසිදු සේවාවක් නොකරන පුද්ගලයන්ය.

නිය පුරුකේ සිට මුල පුරුක තෙක් තනි රේඛාවක් ඇත්නම් ,
මොවුන් ඉතා වාසනාවන්තය. බොහෝ ධනවත් වන පුද්ගලයන්ය. ව්‍යාපාරවලින්ද ප්‍රසිද්ධ වන අය වේ.

රවි ඇඟිල්ලේ හැඩ ගෝලාකාර වේ නම් ,
නිර්මාණාත්මක වැඩවල නියැළෙන මොවුන් කළමනාකාරීත්වයටද ඉතා දක්ෂය. ව්‍යාපාරවලට අතිදක්ෂ පුද්ගලයන්ය.

(දිවයින)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top