මැලේසියාවේ රිය අනතුරකින් මියගිය තරුණ ඉන්ජිනේරු යුවළගේ සිරුරු මෙරටට , දියණිය ගැනත් තීරණයක්..
Friday, 27 October 2023 - 7:29 | Views - 1,216
මැලේසියාවේ රිය අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික තරුණ ඉන්ජිනේරු යුවළගේ මෘත ශරීර අද(27) මෙරටට රැගෙන ඒමට නියමිතයි.ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා සඳහන් කළේ, මේ වන විට එම මෘත ශරීර පිළිබඳ නීතිමය කටයුතු අවසන් කර ඇති බවයි.ඉන්ජිනේරු යුවළගේ මෘත ශරීර සමග ඔවූන්ගේ සිවු හැවිරිදි දියණිය ද මෙරටට පැමිණීමට නියමිතයි.මේ වන විට එම දැරිය ඇගේ ඥාතියකු සමඟ රෝහල් භාරයේ සිටින බවයි වැඩිදුරටත් සඳහන් වුණේ. මැලේසියාවේදී ඉකුත් 21 වැනිදා මෙලෙස රිය අනතුරකට මුහුණ පා මියගොස් තිබුණේ ගාල්ලේ, වඳුරඹ, ප්‍රදේශයේ පදිංචිව සිටි යුවලක්.


Share This Article