ඒ දෙන්නට මොන තරම් නම් බලාපොරොත්තු තියෙන්න ඇත්ද ? අනේ ඒ මැණික දැන් තනිවෙලා ඇති නේද ? ( Photos)
Thursday, 26 October 2023 - 14:07 | Views - 1,008
ශාමිලා සහ ශශික රන්ගොඩ ඉකුත් වසරේදී මැලේසියාවට ගියේ ක්වාලාලාම්පුර්හි ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කිරීමට. එයාලා එහෙම යන්න ඇත්තේ දසහක් බලාපොරොත්තු හිතේ තියාගෙන වෙන්න ඇති...

ඒත් එක්කම අද වෙනකොට ඒ නොදන්නා රටේ එයාලාගේ පුංචි මැණික සදහටම තනිකරලා අද ඒ දෙන්නා යන්නම ගිහින්... අනතුරින් මියගිය ශාමිලා වඳුරඹ කුඹලමලහේන ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇයගේ සැමියා ගාල්ල අඟුළුගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්..

ඔවුන්ගේ සිව් හැවිරිදි සිඟිති දියණියද සමඟ ආහාර ගැනීමට ගොස් යතුරු පැදියකින් නැවත නිවෙසට පැමිණෙමින් සිටියදී සිදු වූ මේ අනතුරෙන් ඔවුන් දෙදෙනා මිය ගොස් දියණිය තුවාල ලබා තිබුණා..

ශාමිලාගේ නිවස පිහිටි ගාල්ල, වඳුරඹ කුඹලමලහේන ප්‍රදේශයටයන විට ඇයගේ මව ඇතුළු ඥාතීන් දැඩි කම්පනයෙන් හඩා වැටෙනවා.. ඒ දුක අතරින් ඇය කිව්වේ මෙන්න මේ වගේ කතාවක්..

“දරුවත් එක්ක එළියට ගිහින් කෑම කාලා එනකොට තමයි මේ අනතුර වෙලා තියෙන්නේ. දෙන්නා එතැනම නැතිවෙලා. චූටි දූ තනිවෙලා. අනේ මගේ රත්තරන් දරුවෝ දෙන්නා. ඉස්කෝලේ පන්තියේ හිටපු දක්ෂම දරුව මගේ දුව. මගේ දූගේ මුල්ම පඩිය මට එවලා තිබුණා දඹදිව යන්න කියලා. මේ දෙන්නා මතු උපදින හැම ආත්මෙකම මගේම දරුවො වෙන්න ඕනේ කියලා විතරයි මට කියන්න තියෙන්නේ."

මේ ශාමිලාගේ ඥාතියෙන් මේ සිද්ධිය සම්බන්ධ‍යෙක් එක්කළ අදහසයි...

“හදිසි අනතුරකට පත්වෙලා කියලා දැනගත්තේ දුවගේ යාළුවෙකුගේ මාර්ගයෙනුයි. ඒ අනුව අපි විදේශ රැකියා කාර්යාංශයට වගේම තානාපති කාර්යාලයෙනුත් තොරතුරු ලබාගත්තා. ඒ අනුව අපි දැනගත්තා දුව සහ පුතා නැති වෙලා කියලා. දුව සහ පුතා යතුරු පැදි අනතුරට ලක් වෙද්දී සිඟිති දියණිය විසිවෙලා ගිහිල්ලා. දරුවා මේ වනවිට රෝහලක සිටින බව අපට ආරංචියි. මොරටුව විශ්ව විද්‍යාලයේ දුව ඉගෙන ගත්තේ. යාළුවෝ හැමදෙනාම දුව සහ පුතා ගැන හොයලා බලනවා. මේ සිද්ධිය ගැන පෞද්ගලිකවම සොයා බලනවා. තනි වූ දියණිය ගැන හොඳින් සොයා බලනවා කියා අපට දැනුම් දුන්නා." 











Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top