ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ඇරඹෙයි..
Thursday, 26 October 2023 - 10:04 | Views - 2,307
පසුගියදා පැවැත්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (26) ආරම්භ කෙරුණා.
දිවයින පුරා මධ්‍යස්ථාන 434කදී මෙම ඇගයීම් කටයුතු සිදුකෙරෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කෙසේ වෙතත්, දකුණු පළාතේ වාර විභාග පැවැත්වෙන බැවින් එම පළාතේ ඇගයීම් කටයුතු හෙට(27) සිට ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
එසේම, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් ලබන 31 වනදා දක්වා සිදුකිරීමට නියමිතයි.
Share This Article