අකාලයේ මිලින වෙන ජීවිත ගැන නවතම හෙළිදරව්ව..
Thursday, 26 October 2023 - 9:20 | Views - 412
මහමඟ සිදුවන අනතුරුවලින් පාසල් ළමුන් 150කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව මියයන බව පොලිසිය පවසනවා.

රිය ධාවනයේදි ඇති නොසැලකිළිමකම මෙම අනතුරු රැසට හේතුව බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

මහ මඟ දෛනිකව සිදුවන රථවාහන අනතුරුවලින් දිනකට මෙරට පුද්ගලයින් හය දෙනෙක් මියයන බව රථවාහන පොලිසියේ දත්තවල දැක්වෙනවා.

එම දත්තවලට අනුව සෑම පැය හතරකට වරක්ම පුද්ගලයෙකු මියයන අතර, තවත් තිදෙනෙක් බරපතළ තුවාල ලබන බවත්, තවත් සිව් දෙනෙක් ප්‍රතිකාර ලැබිය යුතු මට්ටමේ තුවාලවලට ගොදුරුවන බවත් සඳහන් .

නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2020 වසරේදි රිය අනතුරුවලින් පුද්ගලයින් 2363ක් මියගොස් තිබෙනවා.

2021 වසරේදි පුද්ගලයින් 2513ක් සහ 2022 වසරේදි පුද්ගලයින් 2515ක් මියගොස් ඇත්තේ අනතුරුවලින් සිදුවන මරණවල වර්ධනයක් පෙන්නුම් කරමින්.

මේ වසරේ ගත වු ඔක්තෝම්බර් මස 15 වැනිදා දක්වා වු කාලය තුළ පමණක් රිය අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 1800ක් බව සඳහන් වෙනවා.

මෙහි අවාසනාවන්තම සිදුවීම වන්නේ, සිදුවන මරණවලින් අවම වශයෙන් සියයට 10ක් වත් අවුරුදු 18ට අඩු පාසල් ළමුන් කාණ්ඩය වීමයි.

පසුගිය වසරේ පමණක් අවුරුදු 18ට අඩු වයසේ පසුවන ළමුන්ගෙන් 129 දෙනෙක් රිය අනතුරුවලින් මියගොස් තිබෙනවා.

එමෙන්ම, මේ වසරේ ඔක්තෝම්බර් මස 15 වැනිදා දක්වා වු කාලය තුළ පමණක් අවුරුදු 18 අඩු ළමුන් 115 දෙනෙක් රිය අනතුරුවලින් මිය ගොස් ඇති බව රථවාහන පොලිසියේ දත්තවල දැක්වෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top