පවුල් ආරවුල දුර දිග ගොස්, සැමියා සහ බිරිඳ දෙදෙනාම ජීවිතයෙන් සමුගනී.. (Video)
Tuesday, 24 October 2023 - 16:16 | Views - 626
දැන් දැන් අහන්න වෙන සමහර කතා එක්ක අඹුසැමි සබඳතා ගැනත්, ගැටලුකාරී තත්ව ගැන ඇහෙන කතා බොහෝ වෙලාවට සමාජයට සපයන්නේ වැරදි පූර්වාදර්ශ...
මේ කතාව ඇහෙන්නේ පූගොඩින්...
පූගොඩ, මණ්ඩාවල ප්‍රදේශයේ දී සිය බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු පසුගියදා ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා...
පොලීසිය පැවසුවේ පවුල් ආරවුලක් හේතුවෙන් මෙම මරණකරු සිය බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඇයව ඝාතනය කර ඇති බවයි...
අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විමර්ශනයේදී සැකකරු නිවස ආසන්නයේ ඇති ගසක ගෙල වැලලාගෙන මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා...
මෙලෙස මියගොස් ඇත්තේ මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි ධර්මකීර්ති විජේතුංග යන අයෙක් වන අතර ඔහුගේ බිරිඳ 46 වන වියෙහි පසු වූ අයෙක්.
Share This Article