දෙමාපියන් ව එපා කියූ දරුවෙක් ? දරුවන් ගැන සැලකිලිමත් වන්න..
Tuesday, 24 October 2023 - 10:37 | Views - 755

කොස්ගොඩ, ඉඳුරුව ප්රදේශයේ උසස් පෙළ සිසුවියක් තරුණයෙක් සමඟ එක් වී මව්පියන් හැර ගොස් තිබෙනවා.
මෙම සිසුවිය පාසල් නොගොස් පෙම්වතා සමඟ ලැඟුම්හල්වල නැවති අඹු සැමියන් ලෙස හැසිරී පාසල් ඇරෙන වේලාවට යළිත් නිල ඇඳුමින් සැරසී පාසලට ගිය ආකාරයෙන් නිවසට ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඇයගේ මව දිනක පාසලට ගිය විට දී දැන ගැනීමට හැකිව ඇත්තේ මේ සිසුවිය සතියකට එක් වරක් පමණක් පාසල් ගොස් ඇති බවයි.
ඇය නිවසට පැමිණි විට ඇයවත් රැගෙන මව කොස්ගොඩ පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර ඇති බවයි සඳහන් වන්නේ.
පොලිසිය පැවසුවේ සිසුවිය හා පෙම්වතා ගෙන්වා විමර්ශන සිදු කිරීමේදී ඔවුන් දෙදෙනා මාස 03ක් පමණ කාලයක් අඹු සැමියන් ලෙස හැසිරී ඇති අතර, ඇය දෙමාපියන් සමඟ
නැවත නිවස කරා යාමට අකමැති වී පෙම්වතා සමඟ යාමට කැමැත්ත පළ කර ඇති බවයි.
මොවුන් දෙදෙනාගේ වයස සම්පූර්ණ වී ඇති බැවින් නීතිමය පියවර ගැනීමට නොහැකි හේතුවෙන් දෙදෙනා විවාහ වී විවාහ සහතිකය ඉදිරිපත් කරන ලෙස නියම කර ඇති බවයි සඳහන් වන්නේ.
කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ප්රභාත් දේශබන්දු පවසන්නේ පාසලට හා උපකාරක පන්තිවලට යන සිසුන් පිළිබඳව දෙමාව්පියන් ඔවුන්ගේ පොත් පත් පරීක්ෂා කර වීමසිල්ලෙන් සිටිය යුතු බවයි.
Share This Article