දෙමාපියන් ව එපා කියූ දරුවෙක් ? දරුවන් ගැන සැලකිලිමත් වන්න..
Tuesday, 24 October 2023 - 10:37 | Views - 756
කොස්ගොඩ, ඉඳුරුව ප්‍රදේශයේ උසස් පෙළ සිසුවියක් තරුණයෙක් සමඟ එක් වී මව්පියන් හැර ගොස් තිබෙනවා.

මෙම සිසුවිය පාසල් නොගොස් පෙම්වතා සමඟ ලැඟුම්හල්වල නැවති අඹු සැමියන් ලෙස හැසිරී පාසල් ඇරෙන වේලාවට යළිත් නිල ඇඳුමින් සැරසී පාසලට ගිය ආකාරයෙන් නිවසට ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඇයගේ මව දිනක පාසලට ගිය විට දී දැන ගැනීමට හැකිව ඇත්තේ මේ සිසුවිය සතියකට එක් වරක් පමණක් පාසල් ගොස් ඇති බවයි.

ඇය නිවසට පැමිණි විට ඇයවත් රැගෙන මව කොස්ගොඩ පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර ඇති බවයි සඳහන් වන්නේ.

පොලිසිය පැවසුවේ සිසුවිය හා පෙම්වතා ගෙන්වා විමර්ශන සිදු කිරීමේදී ඔවුන් දෙදෙනා මාස 03ක් පමණ කාලයක් අඹු සැමියන් ලෙස හැසිරී ඇති අතර, ඇය දෙමාපියන් සමඟ
නැවත නිවස කරා යාමට අකමැති වී පෙම්වතා සමඟ යාමට කැමැත්ත පළ කර ඇති බවයි.

මොවුන් දෙදෙනාගේ වයස සම්පූර්ණ වී ඇති බැවින් නීතිමය පියවර ගැනීමට නොහැකි හේතුවෙන් දෙදෙනා විවාහ වී විවාහ සහතිකය ඉදිරිපත් කරන ලෙස නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් දේශබන්දු පවසන්නේ පාසලට හා උපකාරක පන්තිවලට යන සිසුන් පිළිබඳව දෙමාව්පියන් ඔවුන්ගේ පොත් පත් පරීක්ෂා කර වීමසිල්ලෙන් සිටිය යුතු බවයි.   




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top