ප්‍රදේශ කිහිපයකට අද ත් වැසි
Tuesday, 24 October 2023 - 7:11 | Views - 758
අද (24) දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන පස්වරු 01න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මී.මී.75 පමණ තරමක තද වැසිද ඇතිවිය හැකි බවයි.
බස්නාහිර, දකුණු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇති වෙන බව සඳහන් වෙනවා.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවතාකිල තද සුළංවලින් හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවධානය කරනවා.
Share This Article