මීරියබැද්ද නැවතත් අවදානමේ.. විශේෂ දැනුම්දීම මෙන්න
Sunday, 22 October 2023 - 16:15 | Views - 416
කාලගුණය වෙනස් වෙන විදිහ ගැන කාටවත් කියන්න බැහැ... ඉතින් කාලගුණයෙන් බැට කන මිනිස්සු අපේ රටේ ඕන තරම්.... 

බදුල්ල - කොස්ලන්ද මීරියබැද්ද පැරණි නායයෑම සිදු වූ ප්‍රදේශයේ නැවතත් නායයෑමේ දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇති බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ. ප්‍රියංගනී පවසනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දැනුම්දීම මත අවදානම් මතුව ඇති වතු නිවාස කිහිපයක පවුල් 27 ක් ඉවත් කර ඇති බවයි ඇය පවසා සිටියේ.

එමෙන්ම පස් කඳු කඩා වැටීම් හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය ඊයේ පස්වරුවේ අවහිර වුණා.

හපුතලේ සහ බෙරගල අතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මෙලෙස පස් කඳු කඩා වැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම ස්ථාන නැරඹීමට යාමෙන් වලකින ලෙසද පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර හපුතලේ සරුවට්ටි ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමත් සමග මතුවූ අවදානම හේතුවෙන් අවට පදිංචි තවත් පවුල් 27 ක පිරිස් හපුතලේ දෙමළ මධ්‍ය විද්‍යාලයේ රඳවා සිටිනවා.

මතුව ඇති නායයෑම් තත්වයන් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ උදය කුමාර ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර නිල්වලා ගංඟා ද්‍රෝණියට නිකුත් කළ ගං වතුර අනතුරු ඇඟවීම් නිවේදනය අද පස්වරු 3 දක්වා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

නිල්වලා ගඟේ ජල මට්ටම පානදුගමින් ඉහළ ගොස් ඇති අතර පවතින තත්ත්වය පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර ජනතාවට දැනුම් දෙන්නේ.

කෙසේ වෙතත්, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුලදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරුණු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඒ අවට මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රාවලට අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top